wrapper

×

تحذير

JUser: :_load: غير قادر على استدعاء المستخدم برقم التعريف: 733

ශ්‍රී ලංකාවේ කලක් වාසය කල ස්කොට්ලන්ත ජාතික ජීන් ලෝහෝර් ආර්යාව විසින් කරන ලද පවුම් 300 ක මූල්‍ය පරිත්‍යාගය යොදවමින් එවකට පුණ්‍ය කොමසාරිස්ව සිටි සී. ඊ. වී. නැතැනියල්ස් පියතුමා ගේ ද සහය ඇතිව 1927 මාර්තු 26 වන දින ලෝහෝර් ආර්යා ණය අරමුදල පිහිටුවන ලදි. එමෙන්ම මෙම අරමුදල 1951 අංක 38 දරණ ලෝහෝර් ආර්යා ණය අරමුදල් පනත මගින් ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් විය.

එදා සිට මෙම අරමුදල ප්‍රතිලාභීන් වෙත ණය ප්‍රදානය කරමින් සහ එම ණය ආපසු අයකර ගනිමින් චක්‍රිය අරමුදලක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා සහනශීලි පොලී අනුපාතයක් හා පහසු කොන්දේසි මත කෙටි කාලීන ණය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම මඟින් ඔවුන් ණය බරින් මුදවා ගැනීමෙන් ලෝහෝර් ආර්යා ණය අරමුදල මෙම සේවකයින්ට ණය ලබා ගැනිමේදි ඉමහත් සහනයක් සළසා ඇත.

2021 මාර්තු 26 වන දිනට ලොහොර් ආර්යා ණය අරමුදල වසර 94ක් සම්පූර්ණ කරන ලද අතර අරමුදලේ 94 වන උපන්දින සංවත්සරය, එදා මීට දශක 9කට පෙරාතුව අරඹන ලද ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිර්මාතෘවරිය ස්මරණය කොට එතුමියට පිං පැමිණ වීමේ අරමුණ පෙරදැරි කර මහා සංඝරත්නය විෂයයේ සිදු කරන ලද දානමය පුණ්‍ය කටයුත්තක යෙදී වාඩාත් වඩාත් අර්ථවත් ලෙස සමරන ලදි.

අරමුදල මෙතෙක් ආ ගමන් මගෙහි, විදේශීය කාන්තාවක වූ ජීන් ලෝහෝර් ආර්යාව විසින් ලාංකික සමාජය තුළ ස්ථාපිත කළ ලොහොර් ආර්යා ණය අරමුදල මගින් ලෝහෝර් ආර්යා ණය අරමුදල පවත්වාගෙන යාමට උර දෙන කාර්යය මණ්ඩළය සහ භාරකාර මණ්ඩළයේ සහභාගීත්වයන් අරමුදල ආරම්භ කරන ලද ජීන් ලෝහෝර් ආර්යාවට සහ අරමුදලේ ආරම්භයට මෙන්ම එය පවත්වාගෙන යාමට දායකවූත් අපගෙන් දැනට සමුගෙන සිටින සියළුම සභාපතිවරුන්, භාරකාර මණ්ඩළ සාමාජිකයන්, පාලන භාරකාරවරුන් සහ කාර්යය මණ්ඩළ සාමාජිකයන් යන සියල්ලන්ටම පිං පැමිණවීම පිණිස ද වර්තමාන කාර්යය මණ්ඩළය, පාලන භාරකාරවරිය වන කමළා රණතුංග මැතිණිය, භාණ්ඩාගාර නියෝජිත ඒ. පී කුරුම්බලපිටිය - සභාපතිතුමා ඇතුළු සමස්ථ භාරකාර මණ්ඩළයටම සෙත් පැතීම පිණිස ද මහා සංඝරත්නය උදෙසා සාංගික දානමය පිංකමක් පවතින කෙරෝනා වසංගත තත්වයට ඔබින පරිදි ඉතා චාම්ව සංවිධානය කර 2021 මාර්තු 27 වන සෙනසුරාදා දින අරමුදල් කාර්යාළයෙදී ඉෂ්ඨ සිද්ධ කරන ලදි.

මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩළය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ භාරකාර මණ්ඩළ සාමාජිකයන්ගෙන් ලද මූල්‍ය අනුග්‍රහය මෙහිදී ස්තුති පූර්වකව විශේෂයෙන් සඳහන් කරමි.

20210402

20210402 2

20210402 3

20210402 4

lochurefund

For using special positions

Special positions is: sticky_left, stickey_right, notice, tool_bottom. You can use them for any module type. And to use, please go to Module Manager config your module to your desired postion.

You can disable by:

  • Go to Administrator » Template Manager » Your_Template » Tab: Advanced » Use special positions » select: No for all special positions
  • Go to Administrator » Module magager » Your_Module(by postion: sticky_left/stickey_right/notice/tool_bottom) » Status: Unpublish for that module

For customize module in special position

The solution is used Module Class Suffix. You can customize button, module content follow Module Class Suffix

Ex: Module Class Suffix: bg-white @bullhorn then:
- Class of buttom is 'icon-bullhorn'. If without @... the default is 'icon-pushpin'. You can find the full icons of usage at Font Awesome  
- Class of module is 'bg-white'

Template Settings

Color

For each color, the params below will give default values
Blue Green Red Radian
Select menu
Google Font
Body Font-size
Body Font-family