wrapper

ඓතිහාසික පසුබිම
කලකට පෙර බ්‍රිතානයෙන් මෙහි පැමිණි යුරෝපීය කාන්තාවක් වන අපරිමිත කරුණා මහිමයේ ප්‍රතිමූර්තියක් බදු වූ ජීන් ලෝහෝර් ආර්යාව විසින් ලෝහෝර් ආර්යා ණය අරමුදල අරඹා මේ වන විට වසර 95ක් සම්පූර්ණ වී ඇත. ණය බරින් පීඩීතව සිටි ලාංකික පුරවැසියන් රැසකට ආලෝකයක් උදා කර දුන් ලෝහෝර් ආර්යාව මෙරට මෙම උදාර සේවාවේ ආදි කතෘවරිය ලෙස ඉතිහාසයට එක් වී ඇත.

1927 වර්ෂයේ මාර්තු මස 26 වන දින එවකට බ්‍රිතාන්‍යයේ ධානපතියෙකු ලෙස ප්‍රකටව සිටි ජේම්ස් ලෝහෝර් මැතිතුමාගේ ආර්යාව මෙරටට පැමිණ කොළඹ කොටුව ප්‍රදේශයේ රික්ෂෝ රථයකින් ගමන් කරමින් සිටින ලද අවස්ථාවක යුරෝපීය ඇදුමෙන් සැරසුන මෙරට වෙළඳ සාප්පුවක ලිපිකරුවෙකු ලෙස සේවය කල මහතෙකුට අවකන් ජාතිකයන් දෙදෙනෙකු විසින් දරුණු ලෙස පහර දීමේ සිද්ධියක් නිරීක්ෂනයට ලක් වීමෙන් අනතුරුව කරුණු සොයා බලා ඇත.ඉන්දියාවෙන් සංක්‍රමණය වූ එක්තරා ජන කොට්ඨාශයක් විසින් මෙරට මූල්‍ය වෙළඳපොළ ඉතා අවිධිමත් ආකාරයෙන් අසාධාරණ කොන්දේසී සහ පොලී අනුපාතයන් මත මෙහෙය වන බවත් ඒ වැනි අවිධිමත් පුද්ගලයන්ගෙන් එකී ලිපිකරු මහතා යම් මූල්‍ය ගනුදෙනුවක් සිදුකර මෙම පහර කෑමට ලක්වන බව ලෝහෝර් ආර්යාවට අවබෝධ වී ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ පෞද්ගලික ව්‍යාපාරයක මැදිහත් වීමෙන් ණය බරින් පීඩිත පුරවැසියන්ට සාධාරණ කොන්දේසි මත ණය මුදලක් ලබා ගැනීමට මෙරට ක්‍රමවේදයක් එවකට ස්ථාපිතව නොමැති බව පසක් කරගත් එතුමිය එකී කනගාටුදායක සිදුවීම පදනම් කරගනිමින් මෙම සමාජීය මූල්‍ය ගැටළුව සඳහා යම් පමණකින් හෝ සහනයක් නැතහොත් විසඳුමක් ලබා දීමට ඉදිරිපත් වී ඇත. එවකට පුණ්‍ය කොමසාරිස්ව සිටි නැතැනියල්ස් දේවගැති තුමා සමඟ සාකච්ඡා කර ණය බරින් පීඩිතව සිටි එකී අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන් වෙළඳ සේවක ලිපිකරු මහතාත් එවැනි ණය බරින් පීඩා විඳින සෙසු අයත් මුදවාලීම පිණිස පවුම් 3000 ක මුදලක් පියතුමාට ලබා දී ස්වකීය අරමුණු පැහැදිලි කර දෙමින් ලෝහොර් ආර්යාව නික්ම ගොස් ඇත. එතැන් පටන් ලෝහෝර් ආර්යා ණය අරමුදල නම් වූ ආයතනය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාණ්ඩුවේ ස්ථාපිතව 1948 දී මෙරටට ද නිදහස ලැබීමෙන් අනතුරුව 1951 අංක 38 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිතව මේ දක්වා මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන මූල්‍ය ආයතනයක් ලෙස සාර්ථකව ලෝහොර් ආර්යාවගේ ආරම්භක අරමුණු ඉදිරියට ගෙන යමින් රාජ්‍ය සේවකයන් වෙත සහනදායී පොළී ප්‍රතිශතයක් යටතේ පහසු කොන්දේසි මත ණය මුදල් නිකුත් කරමින් පවත්වාගෙන යනු ලබයි.

වර්තමාන තත්වය
අරමුදලේ වර්තමාන පාලන භාරකාර ධූරය හොබවන මා ඇතුළු භාරකර මණ්ඩළය සහ 43ක් වූ සමස්ථ කාර්යය මණ්ඩළයම 2020 වසරේදී පැණ නැඟුණු කොරෝනා වසංගත තත්වය මධ්‍යයයේ එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් 2020 සිට 2022 වසර දක්වා වූ අතීශය දුෂ්කර කාළ පරිච්ඡේදය තුළ අරමුදලේ මෙහෙවර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටුයුතු කර ඇත. එමෙන්ම මෙම කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවන්ට අයත්ව සේවය කරන අයවළුන් ඇතුළුව පොදුවේ රාජ්‍ය සේවකයන් අතර උද්ගතව ඇති මූල්‍යමය දුෂකරතාවයන්ට පිළියමක් වශයෙන් අරමුදලින් නිකුත් කරන ණය වර්ග සඳහා අය කරන පොළී 10% දක්වා අවම කර ඇත. දිනපතා වැඩිවන ණය ඉල්ලුම්කරුවන්ගේ සංඛ්‍යාව අනුව මෙම ආයතනය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය ප්‍රශංසනීය වේ.

වසර 3ක ස්ථිර සේවා කාලයක් සහිත විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් සහ වසර 5 ක ස්ථිර සේවා කාලයක් හිමි අර්ධ රාජ්‍ය ආයතන වල රාජ්‍ය සේවකයින්ට ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය ලබා ගත හැක. එවැනිම වූ ඇපකරුවන් දෙදෙනෙකුගේ පුද්ගල ඇපකරයන් දෙකක් මත ණය මුදල් මුදා හරිනු ලබන අතර වෙනත් සුරැකුම් කිසිවක් ඇපකරයන් ලෙස යොදා ගනු නොලැබේ.

0325

ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය ලබා ගැනීමේදී බලපවත්වනු ලබන කොන්දේසි , ඉදිරිපත් කළයුතු ලේඛන, ණය අයදුම්පත්‍රය සහ ණය අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අනුගමනය කළයුතු උපදෙස් පිළිබඳව විස්තරයන් අරමුදලේ වෙබ් අඩවිය වන www.lochorefund.gov.lk වෙත පිවිසීමෙන් ඔබට වැඩිදුරටත් දැනගත හැකි වනු ඇත.

දශක ගණනාවක් පුරා විෂය භාර අමාත්‍යාංශයෙන් කිසිඳු මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා නොගෙන ණය නිකුත් කිරිම ඇතුළු සියළුම පුනරාවර්තන වියදම් ද ප්‍රාග්ධන වියදම් ද මෙම අරමුදලින්ම සපයා ගනිමින් වාර්ශිකව ලාභදායිත්වයක් සහිතව පවත්වාගෙන යනු ලබන ලෝහෝර් ආර්යා ණය අරමුදල 2022 වර්ශයේදී ණය අයදුම්කරුවන් 2604 දෙනෙකු සඳහා රුපියල් මිලියන 563ක් ණය වශයෙන් නිකුත් කිරිමට සැළසුම් සකස් කර ඇත.

නිවැරදිව භාර දෙනු ලබන ණය අයදුම් පත් සඳහා දින 3ක් වැනි කෙටි කාළයකදී ණය මුදල් ලබා ගැනීමට මෙම ආයතනයෙන් පහසුකම් සළසා ඇත. විශේෂයෙන් පුද්ගල ඇප මත මෙම ණය මුදල නිදහස් කරන බැවින් බැංකු වල උකස් කර ඇති ස්වර්ණාභරන නිදහස් කර ගැනීමට මෙම අරමුදලින් ණය ලබා ගැනීමට හැකිවීම මත රාජ්‍ය සේවා ණය අයදුම්කරුවන්ට ලැබී ඇති සහනය මෙහි ළා කැපී පෙනෙන කරුණකි.

ලෝහෝර් ආර්යා ණය අරමුදල, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දුන් ණය බර අවම කර ඔවුන් පීඩිතබවින් මුදවාලීම පිණිස විශිෂ්ට කාර්ය භාරයකට උරදෙමින් සාර්ථක ඉදිරි ගමනක නියැලී ඇත. කොරෝනා වසංගත තත්වයෙන් බැට කෑ 2020 ,2021 සහ 2022 යන වසර වලදී මුහුණ දුන් අතිදුෂ්කරතා මධ්‍යයේ වුවද ඉටු කළාවූ උත්කෘෂ්ඨ වූ මෙහෙය තවදුරටත් ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට භාරකාර මණ්ඩළය සමඟ කාර්යය මණ්ඩළය නිරන්තරයෙන්ම ඇපකැප වී සේවය කරනු ඇත. 2022 මාර්්‍රතු 26 දිනට අනූපස් වසරක් සම්පූර්ණ කරන ලෝහෝර් ආර්යා ණය අරමුදල චිරං ජයතු !!!

කමළා රණතුංග
පාලන භාරකාර

lochurefund

For using special positions

Special positions is: sticky_left, stickey_right, notice, tool_bottom. You can use them for any module type. And to use, please go to Module Manager config your module to your desired postion.

You can disable by:

  • Go to Administrator » Template Manager » Your_Template » Tab: Advanced » Use special positions » select: No for all special positions
  • Go to Administrator » Module magager » Your_Module(by postion: sticky_left/stickey_right/notice/tool_bottom) » Status: Unpublish for that module

For customize module in special position

The solution is used Module Class Suffix. You can customize button, module content follow Module Class Suffix

Ex: Module Class Suffix: bg-white @bullhorn then:
- Class of buttom is 'icon-bullhorn'. If without @... the default is 'icon-pushpin'. You can find the full icons of usage at Font Awesome  
- Class of module is 'bg-white'

Template Settings

Color

For each color, the params below will give default values
Blue Green Red Radian
Select menu
Google Font
Body Font-size
Body Font-family