wrapper

අපේ දැක්ම

රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවකයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මූල්‍ය පහසුකම් සලසා දෙනු ලබන ප්‍රමුඛ ආයතනයක් ලෙස ක්‍රියා කිරීම.

අපේ මෙහෙවර

රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවකයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ණය බරින් මුදවා යහපත් මානසික පරිසරයකින් යුත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා දායක වීම.

අපේ අරමුණ

රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවකයින් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා සහනශීලි පොලී අනුපාතයක් හා පහසු කොන්දේසි මත කෙටි කාලීන ණය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම මගින් ඔවුන් ණය බරින් මුදවා ගැනීම.

ගොඩනැගිලි සංකීර්ණය

ofc

ලෝහෝර් ආර්යා ණය අරමුදල් කාර්යාලය , අරමුදලේ ප්‍රතිපාදන වලින් වසර 99 රාජ්‍ය බදු ක්‍රමය යටතේ ලබා ගත් ඉඩමක රූඩ් 01 ක භූමි ප්‍රමාණය මත ඉඳිකරන ලද මහල් 03 කින් යුත් ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇත.

ගොඩනැගිල්ලේ අතිරික්ත ඉඩකඩ මාසික ගොඩනැගිලි කුලිය යටතේ පහත ආයතන වලට කුලියට දී ඇත.

1) ලංකා විදුලිබල මණ්ඩලය - දෙවන මහල.
2) ලංකා විදුලි බල මණ්ඩලය සහ සමූපකාර සේවක කොමිෂන් සභාව - පළමු මහල
3) ලේක්හවුස් පොත්හල - බිම් මහල සහ භූගත මහල

වාර්ෂික කුලී ආදායම රුපියල් මිලියන 5.9 ක් උපයා ඇත.

.

අරමුදල් කළමනාකරණය

4) මිලදීගැනීම් - ස්ථාවර දේපල අත්පත් කර ගැනීම
5) උගස් හා ආයෝජන දේපල
6) භාරකාර මණ්ඩලයේ කාර්යාල රාජකාරි සඳහා සහායක ක්‍රියාකාරකම්

බලය පැවරීම

භාරකාර මණ්ඩලය භාරකාර වරු 07 කින් යුක්ත වේ. සභාපති වන්නේ භාණ්ඩාගාරයේ ඉහල කළමනාකාරිත්වය නිලයක් දරණ උසස් නිලධාරියෙකු වන අතර වර්තමානයේදී මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී එම ධූරය දරනු ලබයි.

මුදල් අමාත්‍ය වරයා විසින් පත් කරනු ලැබු භාරකාරවරු 07 දෙනෙකි.

පාලන භාරකාර

අරමුදලේ කළමනාකාර හා පරිපාලන ප්‍රධානියා වනුයේ පාලන භාරකාර වරයායි. මෙම ධූරය දරනු ලබන්නා තම ධූරයට අයත් රාජකාරීන්ගෙන් සමහරක් හෝ සියල්ලම කාර්යාලයේ ප්‍රධාන නිලධාරියාට හෝ වෙනත් නිලධාරීන්ට පැවරිය හැක.

මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව අරමුදලේ කළමනාකාරිත්වයට වෙනත් නිලධාරියෙකුට හෝ භාරකාර මණ්ඩලය විසින් කොන්දේසි වලට යටත් කොට පත් කරනු ලබන ඕනෑම සේවකයෙකුට ගෙවීම් සිදුකල හැක. මූල්‍ය වාර්ෂිකය ජනවාරි සිට දෙසැම්බර් වන අතර අරමුදලේ වර්තමාන කාර්ය මණ්ඩලය සේවකයන් 47 දෙනෙකුගෙන් සමන්විතය.

ණය නිකුත් කිරීම 

  2016 2017 2018
ණය වර්ගය ප්‍රමාණය මුදල (රු:) ප්‍රමාණය මුදල (රු:) ප්‍රමාණය මුදල (රු:)
RS. 300,000 - - - -  40 12,000,000 
RS. 250,000 36 9,000,000 78 19,500,000  138  34,500,000
RS. 100,000 2,347 234,700,000 2985 298,500,000  2,710 271,000,000 
RS. 50,000 1,103 55,150,000 866 43,300,000  686 34,300,000
RS. 40,000 82 3,280,000 65 2,600,000  36  1,440,000
RS. 30,000 71 2,130,000 46 1,380,000 21 630,000
RS. 20,000 37 740,000 22  440,000 5 100,000
මුළු එකතුව 3,676 305,000,000 4,062 365,720,000  3,636 353,970,000 

ආදායම

වාර්ෂික ආදායම , ණය මත උපයන පොළිය ,මාසික බදුකුලී පදනම මත ලබා දී ඇති ගොඩනැගිල්ලේ අතිරික්ත ඉඩකඩින් ලැබෙන කුලිය හා ස්ථාවර තැන්පතු වලින් ලැබෙන පොලිය යනාදියෙන් යුක්තය. 2016,2017 සහ 2018 වසරේ උපයන ලද ආදායම පහත දැක්වේ.

aboutus2018

  2016 2017 2018
ණය මත උපයන පොලිය 57,551,633 64,591,914 70,743,022
ගොඩනැගිලි බදුකුලිය 13,368,568 17,507,790 16,592,790
ආයෝන ආදායම 7,057,766 10,644,727 11,391,223
වෙනත් ආදායම් 3,667,739 4,996,274 3,547,090
එකතුව 81,645,706 97,740,705 102,274,125

DSCN9782DSCN9785

DSCN9787DSCN9790DSCN9793

DSCN9800DSCN9803DSCN9804

භාරකාර මණ්ඩලය

එම්. සී. සුබසිංහ මහත්මිය​
jent jent jent
ජේ. කේ. එන්. සමන්මලී මහත්මිය, කමලා රණතුංග මෙනවිය  තුෂාර සෙනවිරත්න මහතා 
භාරකාර මණ්ඩල සභාපති   භාරකාර/පාලන භාරකාර   භාරකාර
අධ්‍යක්ෂක,    
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති
දෙපාර්තමේන්තුව,
   
මුදල් අමාත්‍යංශය,    
කොළඹ 01.    
     
jent jent  
සරිත් පතිරත්න මහතා එම්. සී. සුබසිංහ මහත්මිය  
භාරකාර භාරකාර  
     

lochurefund