wrapper

ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය ලබාගැනීම

ණය අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කරන මෙන් දන්වා සිටිමි.

  1. ණය ලබාගැනීමට හිමිකම් ඇති අය :
    I. වසර 03කට නොඅඩු විශ්‍රාම වැටුප් සහිත ස්ථිර සේවා කාලයක් සම්පූර්ණ කළ විශ්‍රාම ගැනීමට ඉදිරියට වසර 2½ක සේවා කාලයක් ඇති රජයේ සේවකයින් (සැ.යු. - විශ්‍රාම ගන්නා වයස් සීමාව අවුරුදු 59 ලෙස සලකන්න)
    වසර 03 ට නොඅඩු විශ්‍රාම වැටුප් සහිත ස්ථිර සේවා කාලයක් සම්පූර්ණ කළ ගිවිසගෙන ඇති සේවා කාලය තුල ඉදිරියට වසර 2 ½ ක් සේවය කිරීමට හැකියාවක් පවතින ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන පිරිස්.
    II. මාණ්ඩලික නිලධාරින් සඳහා ලබාදෙන රු. 500,000/- ක ණය මුදල හා වාරික 36කින් අයකරගන්නා ණය මුදල් සඳහා විශ්‍රාම ගැනීමට පෙර ඉදිරියට වසර 3 ½ ක කාලයක් අවශ්‍ය වේ.
    III. ලෝහෝර් ආර්යා ණය අරමුදල විසින් පිළිගෙන ඇති රාජ්‍ය සංස්ථා / ව්‍යවස්ථාපිත මණ්ඩල වල වසර 05 කට නොඅඩු සේවා කාලයක් සම්පූර්රණ කළ ස්ථිර සේවකයන් පමණි.

2. ඇපකරුවන්

ණය ලබා ගැනීමට ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කල යුතු අතර ඉහත 1. I සුදුසුකම් සම්පුර්ණ ණය අයදුම්කරුවන් සඳහා ස්ථිර රජයේ විශ්‍රාම වැටුප් සහිත වසර 03කට නොඅඩු සේවා කාලයක් ඇති ඉදිරියට වසර 2½ කට නොඅඩු කාලයක් සේවයේ රැදි සිටින සේවකයෙකු විය යුතුයි. (සැ.යු. - විශ්‍රාම ගන්නා වයස් සීමාව අවුරුදු 59 ලෙස සලකන්න.)

වසර 03 ට නොඅඩු විශ්‍රාම වැටුප් සහිත ස්ථිර සේවා කාලයක් සම්පූර්ණ කළ ගිවිසගෙන ඇති සේවා කාලය තුල ඉදිරියට වසර 2 ½ ක් සේවය කිරීමට හැකියාවක් පවතින ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන අයකු විය යුතුයි. එසේ වුවද යුධ හමුදා සේවාවේ ණය අයදුම්කරුවෙකුට ඇපකරුවන් ලෙස සිවිල් රාජ්‍ය සේවා ඇපකරුවන් යොදා ගැනීමට ද බාධාවක් නොවේ.

  • මාණ්ඩලික නිලධාරින් සඳහා ලබා දෙන රු. 500,000/- ක ණය මුදල සඳහා ඉදිරිපත් කරන ඇපකරුවන් මාණ්ඩලික ශ්‍රේණියේ විය යුතු අතර විශ්‍රාම ගැනීමට ඉදිරියට වසර 3 ½ ක කාලයක් අවශ්‍ය වේ.

2.1 සුදුසුකම් සම්පූර්ණ කරන 1, III හි සදහන් ණයකරුවකු සඳහා වසර පහකට නොඅඩු ස්ථිර සේවා කාලයක් ඇති එම ආයතනයේම සේවය කරන එක් ඇපකරුවකු සමග රජයේ විශ්‍රාම වැටුප් සහිත අවුරුදු 03 කට නොඅඩු සේවා කාලයක් ඇති ඉදිරියට වසර 2½කට නොඅඩු කාලයක් සේවයේ රැඳී සිටින සේවකයෙකු (සැ.යු. - විශ්‍රාම ගන්නා වයස් සීමාව අවුරුදු 59 ලෙස සලකන්න) ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් කල යුතුය. (එක් අයෙකුට අත්සන් කල හැක්කේ ඇපකර දෙකකට පමණි.)

2.2 අත්සන් කල හැකි උපරිම ඇපකරයන් ගණන
සුදුසුකම්ලත් එක් ඇපකරුවෙකුට උපරිම වශයෙන් අත්සන් කල හැකි ඇපකරයන් ගණන 02 කි.

3. වැටුපෙන් 40% සීමාව තුළ ණය වාරික අයකර ගැනීමට හැකියාවක් තිබිය යුතුය. අයකරන ණය පොළී අනුපාතය 13 % කි.

4. අයදුම්පත ඉදිරිපත් කිරීම

අයදුම්පත්‍රයේ ඇති සියලුම කරුණු හිස්තැන් තැබීමකින් තොරව නිවැරදිව සම්පූර්ණ කළ යුතු අතර යම්කිසි තැනක නිවැරදි කිරීමක් සිදු කලේ නම් එම ස්ථානයේ නැවත ලියා ආයතන ප්‍රධානියා නිලමුද්‍රාව තබා අත්සන් තැබිය යුතුය. සම්පූර්ණ කළ අයදුම්පත්‍රය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් හෝ ඔහු විසින් බලය පැවරූ නිලධාරියෙකු විසින් සහතික කළ යුතුය. සහතික කිරීමේදී නිල මුද්‍රාව තබා සහතික කළ යුතු නිලධාරියාගේ නම හා එම නිලධාරීන් ඇමතිය හැකි දුරකථන අංක සඳහන් කිරීම අනිවාර්ය වේ.

5. ආකෘති පත්‍ර අංක 02 හි ගණකාධිකාරි හා ආයතන ප්‍රධානියා යන දෙදෙනාම අත්සන් කොට නිල මුද්‍රාව තැබිය යුතුය. මෙහිදී නිලධාරියාගේ නම හා දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.

6. අයදුම්පත සමග ඉදිරිපත් කල යුතු ලියවිලි

I. ණයකරුගේ ජාතික හැඳුණුම්පතේ සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද පැහැදිලි පිටපතක්
II. ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන දිනට ආසන්න මාසයේ ලබාගත් වැටුපට අදාල සහතික කල වැටුප් විස්තරයක්
III. ඇපකරුවන් දෙදෙනාගේ පැහැදිලි ජාතික හැඳුණුම්පත් පිටපත්
IV. ඇපකරුවන්ගේ අවසන් වරට ලබාගත් වැටුපට අදාල සහතික කළ වැටුප් විස්තර
V. දැනට ක්‍රියාත්මක වන බැංකු ඉතිරි කිරීමේ ගිණුම් පොතෙහි පිටපත.

7.
I. ජාතික හැඳුණුම්පත අපැහැදිලිනම්, (ණය අයදුම්කරුගේ හෝ ඇපකරුවන්ගේ) අපැහැදිලි ජාතික හැඳුණුම්පතේ පිටපතක් සමග සේවා හැදුනුම්පතේ, විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍ර යේ පිටපතක් හා ආයතන ප්‍රධානියා විසින් ජාතික හැඳුණුම්පතට අනුව සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ථිර ලිපිනය ලියා නිල මුද්‍රව තබා සහතික කළ ලිපියක් අවශ්‍ය වේ.
II. ජාතික හැඳුනුම් පත නැතිවී ඇත්නම්, හෝ ජාතික හැඳුනුම්පතේ අංකය අපැහැදිලි / විකෘති නම් අප ආයතනය මගින් ලබා දෙන පෝරමය නිවැරදිව සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා ලවා සහතික කරවා ගෙන රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සමග ඉදිරිපත් කල යුතුයි. (සේවා හැදුනුම්පත වලංගු නොවේ.)

8. තැපැල් මගින් අයදුම්පත් ලබා ගන්නේ නම් රු. 170/-කමුදල් ඇණවුමක් පාලන භාරකාර, ලෝහෝර් ආර්යා ණය අරමුදල නමින් කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් මාරුකර ගත හැකි ආකාරයට එවිය යුතු අතර ඒ සමග ජාතික හැඳුනුම්පතේ පිටපතක් හා සේවය කරන ස්ථානය සඳහන් කොට ලිපිනය ලියූ 9 x 4 මුද්දර කවරයක් එවිය යුතුයි.

9. ණය වාරික
රු. 20,000/- වාරිකය රු: 2,250/- බැගින් වාරික 10
රු. 30,000/- වාරිකය රු:1,625/- බැගින් වාරික24
රු. 40,000/- වාරිකය රු:2,167/- බැගින් වාරික24
රු. 50,000/- වාරිකය රු:2,709/- බැගින් වාරික24
රු. 75,000/- වාරිකය රු:4,063/- බැගින් වාරික24
රු. 100,000/- වාරිකය රු:5,417/- බැගින් වාරික24
රු. 150,000/- වාරිකය රු:6,042/- බැගින් වාරික36
රු. 175,000/- වාරිකය රු:7,049/- බැගින් වාරික36
රු.250,000/- වාරිකය රු:10,070/- බැගින් වාරික 36 (කොන්දේසි සහිතයි)
රු.300,000/- වාරිකය රු:12,084/- බැගින් වාරික 36 (කොන්දේසි සහිතයි)

සැ.යු. අයදුම්පත්‍ර වලංගු කාල සීමාව දින 60 කි. දින 60ක් ඇතුලත අයදුම්පත භාරදිය යුතුය.
සතියේ දින වල පෙ. ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලබයි.

 

නිකුත් කරනු ලබන ණය මුදල් වර්ග-2023 වර්ෂය

884 වන භාරකාර මණ්ඩල රැස්වීමේ දී ලත් අනුමැතියට අනුව 2022 වර්ෂයේ ජනවාරි මස සිට පහත සඳහන් ණය කාණ්ඩ ගණුදෙනුකරුවන් වෙත නිකුත් කිරීමට නියමිතව ඇත.

නිකුත් කරනු ලබන ණය මුදල් වර්ග 2023 වර්ෂය

  • මෙතෙක් රු.200,000/- ක ණය මුදල ලබාදුන් සේවා කාණ්ඩයට අයත් ණය අයදුම්කරුවන්ට රු.350,000/- ක ණය කාණ්ඩය නව වර්ෂයේ දී අයදුම් කල හැක.(රු.300,000/- ක ණය කාණ්ඩය ද ඇතුළුව)
  • එසේම මෙතෙක් රු.175,000/- ක ණය මුදල ලබාදුන් සේවා කාණ්ඩයට අයත් ණය අයදුම්කරුවන්ට රු.250,000/-ක ණය මුදල නව වර්ෂයේ දී අයදුම් කල හැක.(රු.175,000/- ක ණය කාණ්ඩය ද ඇතුළුව)
  • තව ද මෙතෙක් රු.300,000/- ක ණය මුදල අයදුම් කරන ලද මාණ්ඩලික ගණයේ තනතුරු හොබවන ණය අයදුම්කරුවන්ට 2022 වර්ෂයේ ජනවාරි මස සිට රු.500,000/- ක ණය මුදල අයදුම් කල හැක.(ඔවුන්ගේ අභිමතය පරිදි)

ගණකාධිකාරී

lochurefund