wrapper

his1

කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ස්කොට්ලන්ත ජින් ලෝහෝර් ආර්යාව විසින් ප්‍රදානය කල පවුම් 300 ක ප්‍රාග්ධනයකින් ලෝහෝර් ආර්යා ණය අරමුදල ස්ථාපිත කරන ලදී. එකල පුණ්‍ය කටයුතු පිලිබඳ කොමසාරිස් දේවගැති සී.ඊ.වී.නැතෑනියල්ස් පියතුමා 1927 මාර්තු 26 වෙනි දින ලෝහෝර් ආර්යා ණය අරමුදල ස්ථාපිත කිරීමට මුල් පියවර තබන ලදී.

එකල රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ කෙටිකාලින මූල්‍යමය අවශ්‍යතාවයන්ට සහාය දැක්වූ පැවතුනු බැංකු ක්‍රමවේදයක් නොතිබූ හෙයින් සහාය දැක්වීමට අපොහොසත් වු එකල පැවතුන බැංකුක්‍රම වේදයන් නිසා එම සේවකයන් බාහිර පුද්ගලයන්ගෙන් ඉහල වාර්ෂික පොලී ප්‍රතිශතයකට ණය ලබා ගැනීමට අනිවාර්යයෙන් සිදුවිය. මෙකී කාරණාව හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් ණයගැති භාවයෙන් බෙහෙවින් පීඩාවට පත්විය. ලෝහෝර් ආර්යා ණය අරමුදල පිහිටුවීම රාජ්‍ය ,රාජ්‍ය සංස්ථා සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට මහඟු පිටිවහලක් විය.



his2 thumb1951 අංක 38 දරණ පනතින් ඇති කර ගත් ලෝහෝර් ආර්යා ණය අරමුදලේ ව්‍යවස්ථාව අනුව රාජ්‍ය සහ වෙනත් ආධාර කරුවන්ගේ ආධාර ඇතිව තුන්මහල් ගොඩනැගිල්ලකක් අරමුදලේ යහපත සඳහාම ඉඳි කර ගන්නා ලදි. මෙහිලා පැහැදීමකින් සඳහන් කරන්නේ වසර 80 ක් ඉක්මවූ කාල වකවානුවක් තුල විවිධාකාර වූ දුෂ්කරතා වන්ට මුහුණ දීමෙන් ලෝහෝර් ආර්යා ණය අරමුදල රාජ්‍ය සේවකයන්ට ණය පහසුකම් ලබා දෙන අතර , මෙහෙයුම් අතිරික්තයක් පවත්වා ගැනීමට සමත් වි ඇති බවය.

 

 

lochore ladyලෝහෝර් ආර්යා ණය අරමුදලේ හිටපු පාලන භාරකාර වරුන්

NAME PERIOD
දේවගැති සී.ඊ.වී. නැතෑනියල්ස් මයා 1927 – 1955
කේ.ඒ.ජී.ඇල්බට් සිල්වා මයා 1955 – 1989
ෂෙල්ටන් ප්‍රනාන්දු මයා 1989 – 1990
ජී.ජී.වික්‍රමසිංහ මයා 1990 – 1994
සද්ධාතිස්ස සකලසුරිය මයා 1994 – 1999
කමලා රණතුංග මෙනෙවිය 1999 – 2001
සී.ඩී.අමරසිරි මයා 2001 – 2005
අතුල එන්. ජයසිංහ මයා 2005 – 2009
ඩී.ජේ.යු.පුරසිංහ මයා 2009 – 2009
යු.පී.හේවගේ මයා 2009 – 2012
ඩබ්.නිමල් අබේසිරිමයා 2012 – 2014
එස්.වින්ස්ටන් පතිරාජ මයා 2015 - අද දක්වා

lochurefund