wrapper

  • 1. ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය ලබා ගත හැක්කේ කාටද ?

    ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය ලබා ගැනිමට හැකියාව ඇත්තේ රජයේ විශ්‍රාම වැටුපට හිමිකම් ඇති ස්ථිර සේවයේ වසර 03ක් වත් සම්පූර්ණ කලා වු සේවකයන්ටය.

    • විශ්‍රාම වැටුපකටහිමිකම්කියනවසර 05 ක ස්ථිර සේවා කාලයක් සහිත අර්ධ රාජ්‍ය සේවකයන්ටය.
    • ණය ප්‍රදානය කරනු ලබන්නන් සඳහා විශ්‍රාම ගන්වන වයස් සීමාව වසර 55 ලෙස  සැලකේ.
    • වැටුපෙන් 40% ප්‍රතිශතයක් ණය වාරිකය ලෙස අයකර ගැනිමට  ඇති හැකියාව.
    • ණය අයදුම්කරු විසින් විශ්‍රාම වැටුපට හිමිකම් ඇති වසර 03 ක ස්ථිර සේවා කාලයක් සහිත ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කල යුතුය.
    • විශ්‍රාම වැටුපකට හිමිකම් නැති ණය අයදුම්කරුවන් විසින් විශ්‍රාම වැටුපට හිමිකම් ඇති එක් ඇපකරුවකු වත් ඉදිරිපත් කල යුතුය.
  • 2.මට ලබා ගත හැකි උපරිම ණය ප්‍රමාණය කුමක් ද ? හෝ මට එකවර රු:100,000/- ක මුදලක් ලබා ගත හැකි ද ?

    • උපරිම ණය සීමාව රු:100,000/- කි. ඔබට රු:100,000/- ට වඩා මුදල් ප්‍රමාණයක් එකවර ලබා ගත නොහැක.
    • නමුත් මීට වැඩිමනත් ලෙස මාණ්ඩලික නිලධාරීන්ට පමණක් රු:250,000/- ක ණය මුදලක් එකවර ලබා ගත හැක.
  • 3. මට ලබා ගත හැකි ණය ප්‍රමාණය කවරේ ද ?

    පහත දැක්වෙන ණය ක්‍රමයන්ට අනුව ඔබට මුදල් ලබා ගත හැක.

    ණය ප්‍රමාණය (රු:) වාරිකය (රු:) වාරික ගණන
    RS. 20,000.00 RS.1,025.00 24
    RS. 30,000.00 RS.1,538.00 24
    RS. 40,000.00 RS.2,050.00 24
    RS. 50,000.00 RS.2,563.00 24
    RS.250,000.00* RS.9,341.00* 36*
    • මාණ්ඩලික නිලධාරීන්ට පමණක් රු:250,000/- ක ණය මුද ක් එකවර ලබා ගත හැක.
  • 4. මම අද , මාගේ ණයඅයදුම්පත ඉදිරිපත් කල විට මට ණය ලබාගත හැක්කේ කෙදිනද?

    සාමාන්‍යයෙන් සති 03 කින් , නමුත් ණය අයදුම්කරුවන් ගණන වැඩි වුවහොත් මෙම කාල පරිච්ඡේදය වෙනස් විය හැක.

  • 5. ණය මුදල ආපසු ගෙවා පියවීමට ගතවන කාලය කොමණද?

    • සාමාන්‍යයෙන් ණය පියවීම මාස 24 කින් හෝ වාරික 24 කින් සිදු කරයි.
    • වැඩි විස්තර සඳහා කරුණාකර පිලිතුරු හෝ ප්‍රශ්න අංක 03 අධ්‍යයනය කරන්න.

  • 6. වාරිකය වැඩි කිරීමෙන් මාගේ ණය පියවිය යුතු කාල වකවානුවට පෙර මට ණය මුදල පියවීමට හැකි ද ? හෝ මගේ ණය පියවිය යුතු කාල වකවානුව කෙටි කල හැකි ද ?

    ඔව්. ඔබට හැකිය.

  • 7. මගේ ණය ලිපිගොනුවේ අංකය අමතක වුවහොත් නැවතඑය ලබා ගත හැකි ද ?

    ඔව්. හැකිය. ඔබ කල යුත්තේ ණය ගිණුම් හිමියාගේ ජාතික හැඳුණුම්පත් අංකය අපගේ පරිගණක අංශය වෙත ලබාදීමයි.

  • 8. මට 40% වැටුප් සීමාව සැපිරිය නොහැකි නම් , ණය මුදල ලබා ගත හැකි වෙනත් මාර්ගයක් මට ඇත් ද ?

    නැත. ඔබගේ අනෙකුත් අවකරණ 40% වැටුප් සීමාව ඉක්මවන්නේ නම් අපට ඔබගේ ණය වාරිකය ඔබගේ වැටුපෙන් අයකර ගැනීමට හැකියාවක් නොමැත්තේය.

  • 9. ඇපකරුවන් වශයෙන් කවරෙක් මට ඉදිරිපත් කළ හැකි ද ?

    ඔබ විසින් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන  වසර 03 ක අවම ස්ථිර සේවා කාලයක් සහිත ඇපකරුවන් දෙ‍දෙනෙකු ඉදිරිපත් කළ යුතුය.

  • 10.ලෝහෝර් ආර්යා ණය අරමුදලේ මාගේ ණය ගිණුමේ අතිරික්ත මුදලක් වෙතොත් එය නොසලකා හරිමින් මට නැවත ණය මුදලක් ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකිද?

    නැත. නැවත නව ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් / අයදුම් කිරීමට පෙර අතිරික්ත මුදල ලබා ගෙන ණය ගිණුම් සම්පුර්ණයෙන් පියවීමට කටයුතු කල යුතුය.

  • 11. ණය වාරික ගණනය කරන්නේ ද කෙසේද? එය හීනවන ශේෂයට අනුව ගණනය කරන්නේ ද ?

    ඔබගේ වාර්ෂික පොලී ප්‍රතිශතය වන්නේ 11.5% කි. එය ඔබගේ ගිණුමේ සරල මාර්ග ක්‍රමය අනුව (නිශ්චිත වාරිකයට) ගණනය කරයි.

  • 12. මාගේ මිතුරන් සඳහා ණය අයදුම්පත් ලබා ගත හැකි ද ?

    • ඔව් ඔබට හැකිය. ඔබ විසින් ඔබගේ මිතුරා / මිතුරිය ගේ ජාතික හැඳුණුම්පත හෝ එහි ඡායාස්ථ පිටපතක් අයදුම් කරන්නාගේ හඳුනාගැනීමේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා ඉදිරිපත් කල යුතුය.
    • නමුත් ණය අයදුම්කරු සතුව ලෝහෝර් ආර්යා ණය අරමුදලෙහි ණය ගිණුමක් පවතී නම් /ඇත්නම් ඔබට ඔබේ මිතුරා මිතුරිය වෙනුවෙන් ණය අයදුම්පතක් ලබා ගත නොහැකිය. එසේ වු විට ණය අයදුම්කරු කාර්යාලය වෙත පැමිණ ණය අයදුම්පත ලබා ගත යුතුය .

  • 13. සාමාන්‍ය තැපෑලෙන් මාවෙත ණය අයදුම්පතක් ගෙන්වා ගත හැකි ද ?

    ඔව් . ඔබට හැකිය. ඊට ලිපිනය ලියන ලද රු:15/- ක මුද්දර ඇලවු 9 "× 4" දිග ලියුම් කවරයක් සමග රු:170/- ක මුදල් ඇණවුමක් සමග එවිය යුතුය.

  • එක් වාරිකයක වටිනාකම කොපමණ ද ?

    කරුණාකර ප්‍රශ්න අංක 03 වෙත යොමුව අධ්‍යනය කරන්න.

  • 15. මාගේ සහ මාගේ ඇපකරුවන්ගේ නව වැටුප් විස්තර ඉදිරිපත් කල යුතුද?

    ඔව්. ඔබගේ සහ ඔබගේ ඇපකරුවන්ගේ නව වැටුප් විස්තර ඔබ සේවය කරන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් සහතික කල තිබිය යුතුය. වැටුප් විස්තර ණය ඉල්ලුම් කරන දිනට මාස 03 ක් ඇතුලත ඒවා විය යුතුය.

  • 16.අප තිදෙනාම එනම් ණය අයදුම්කරු සහ ඇපකරුවන් දෙදෙනාම සම්මුඛ පරීක්ෂණයට එකවර සහභාගි විය යුතුද ?

    ඔව්. තිදෙනාම එකවර ඉදිරිපත් විම අනිවාර්ය වේ.

  • 17. පවත්වන ලද සම්මුඛ පරික්ෂණයට පසු මාගේ චෙක්පත එදිනම මට ලබා ගත හැකිද ?

    ඔව්. සී.එල්.ආකෘති පත්‍රය නිසි ලෙස සම්පුර්ණ කර ඉදිරිපත් කිරීමෙන් පසු ඔබට චෙක්පත ලබා ගත හැක.

  • 18. වාරික එකක් හෝ දෙකක් පමණක් මාගේ ණය ගිණුම පියවීම සඳහා ගෙවීමට ඉතිරිව ඇති විට නැවත නව ණය මුදලක් ලබා ගැනීම සඳහා මට අයදුම් කල හැකි ද ?

    • නැත. ඔබේ ණය ගිණු‍ම පියවීම සඳහා ශේෂයක් ගෙවීමට ඇත්නම් පළමුව ඔබ විසින් එම හිඟ ණය ශේෂය ගෙවා ගිණුම පියවිය යුතුය.
    • ඉන්පසු ඔබ නව ණය මුදලක් අයදුම් කිරීම ඉල්ලා සිටීමට සුදුසුකම් ලබයි.

  • 19. මට වෙනත් අයෙකුගේ ණය අයදුම්පතක් ඉදිරිපත් කල හැකිද?

    ඔව්. එසේ වු විට අයදුම්පත නිසි ලෙස සම්පුර්ණ කර තිබිය යුතුය.

lochurefund